තව ටිකෙන් මම On The Spot!

සුපුරුදු පරිදි හවස පහයි කාලට මම රීඩ් මාවතට ආවෙ කැම්පස් එකේ වැඩ කටයුතු ඉවර වෙලා ගෙදර යන්න. කැම්පස් එක ඉස්සරහම තියෙන පදික මාරුවෙන් පුරුදු පරිදිම පාර හරහා මාරු වුණා. සමහර තකතීරු ඩ්‍රැයිවර්ලා එහෙම ඉන්නව නෙව… රතු එලිය නිවිලා කොළ එළිය පත්තු වෙනකම් ඉන්න බෑ… මාර හදිස්සියක් තියෙන්නෙ… මං හිතන්නෙ උන්ට මූලග්ගාය වෙන්ට ඇති. ඉතින් පාරෙ වාහන වලට රතු එළිය පත්තු වෙලා තියෙදිදි මමත් පාර මැද්දට පැන්නෙ ඉක්මනට පාර හරහා මාරු වෙන්න. මෙන්න එකපාරටම මගේ ඉස්සරහට ආපි කාර් එකක් 😯 ! හරියටම මට අඩියක් දුරින් ඌ කොහොම හරි නවත්තගත්තා — හැබැයි කහ ඉර මැද්දෙ. නැත්තං ඉතිං සොරිම තමා!

මැද ඇඟිල්ල උස්සලා ඌ ගැන මට හිතිච්ච දේ සංඥා මාර්ගයෙන් ඌට කියා දෙන්න නොහිතුනාමත් නෙමෙයි — සංවරව හැසිරෙන්න ඕනැ නෙව පාර මැද්දෙ. බලනකොට මේකා තට්ටෙ පෑදිච්ච අංකලයෙක්. ඒ මදිවට බෙල්ල හිර කරලා බැඳපු ටයි පටියකුත් තිබුණා. මට කමක් නෑ මොකා වුණත්. ලංකාවෙ වෙනින් කැම්පස් එකක් ඉදිරිපිට ලොකු කලබලයක් ඇති වෙන්න මේ ටිකත් ප්‍රමාණවත්. අපේ තියෙන හොඳ කම නිසාම හොඳා ඉතින්… 😉

කොහොම වුණත් අද නම් උපරිමව මගේ කෝපය ඇවිස්සුණා 👿 … එවෙලෙ හිතාගත්තෙ වාහනේ අංකයත් එක්කම බ්ලොග් එකේ දානව කියල 😐 !

කොහොම වුණත් ප්‍රවේශම් වීම රියදුරු-පදික දෙපාර්ශ්වයේම ඇඟට ගුණයි.

තව ටිකෙන් මම On The Spot!

10 thoughts on “තව ටිකෙන් මම On The Spot!

  1. හුටා… ඔයිං ගියා මදැයි ලොක්කා… 😮 ළඟ පාත ඉන්න අපිටත් කියලා පාර පැන්නානම් වීඩියෝ කරලා අපේ නිළ YouTube නාලිකාවට දාන්න තිබ්බා 😉 ‍මොනවා වුනත් විකාර ඔළුවේ තියාගන්නැතුව පාර පැනහන්… (මරු එකා කිව්වේ… 😉 )

  2. ආ ඔයින් ගියා මැදැයි
    ඔතන one way ක‍රපු කාලෙ ඉඳන් මට නම් පනින්න ගියාම උතුර දකුණ මාරු වෙනවා. 😀
    මං ඔතනින් පැන්නෙ campus එකට යන්න නම් නෙවි.
    Colombo campus එකට නම් වැස්සකට වගේ තමා ගිහින් තියෙන්නෙ. 😛

  3. ශෑහ් !! බීම එකක් බොන්න තිබ්බ චාන්ස් එකට අර කාර් එකේ බ්‍රේක් සිස්ටම් එක හදාපු එකා වල කැපුවනෙ. (බයිට් පාරකුත් දාන්න තිබ්බ නයිට ගහන ගමන්)

    දෙපැත්ත හා කේන්දරය බලා පාර පැනීම යෙහෙකි

    @සුදා

    ඔව් ඔව් අර බැනර් එක ආපහු දාන්න තිබ්බ චාන්ස් එක නැති උනා නෙව..

  4. පාර තියෙන්නේ වාහන වලට යන්න, පදික වේදිකාවයි පයින් යන අයට තියෙන්නේ එක නිසා පාරෙ යනකොට පයින් යන කෙන තමා පරිස්සම් වෙන්න ඕනේ මොකෝ පාර වාහනවලටනේ අයිති. කහ ඉර කියලත් නැහැ කහ ඉරත් තියෙන්නේ පාරෙනේ

    1. ඔව් ඒකත් ඇත්ත. හැබැයි තව දෙයක් තියෙනවා. වාහන තදබදය වැඩි වෙලාවට වාහන (රෝද 2/3) යන්නෙ පදික වේදිකාවෙ. සමහර වෙලාවට යන්නෙ අපේ කණ ගාවින්. ඒ ගැනත් ලියන්නම් වෙලාවක.

  5. ඉස්සර කාලේ නම්…
    “දකුණ බලා වම බලන්න…
    නැවතත් දකුණම බලන්න…”
    කියලා නෙව පාර පැන්නේ පදිකයෝ…

    දැන් එහෙම‍ නෙවෙයි. හරිනම් වාහන කාරයෝ මොකාද පාර පනින්නේ කියලා බලාගෙන ඒක මඟඇරගෙන වාහනේ එළවන්න ඕනේ…

    1. නෑ බං. UCSC එකේ ඉඳල reid avenue එකේ බස් හෝල්ට් එකට එන්න පාර පනින්න වම විතරක් බැලුවම ඇති. 😀

      වාහන කාරයෝ colour light එක ගනංගන්නෙ නැති එකනෙ වැඩේ…

Leave a reply to ශාකුන්තල | Shaakunthala Cancel reply