පුහු මිම්ම

මේක කැම්පස් එකේ දෙක වසර කාලෙ විනාඩි දෙකතුනක ඉතාම සුළු සිද්ධියක්. හැබැයි ඒ පාඩම ජීවිත කාලෙටම මතක තියෙයි.

දවසක් මම බවනේ ලැප්ටොප් එකත් දිග ඇරන් වඩයක් කකා ඉන්නකොට, කැෂුවල් ෂර්ට් එකක් කලිසමට යට නොකර ඇඳලා සැන්ඩ්ල්ස් දෙකකුත් දාගෙන ආපු මනුස්සයෙක් එනවා මං වාඩිවෙලා හිටි මේසෙටම. එන්නේ අලියා බීම බෝතලේකුත් අතේ තියාගෙන. පෙනුමින්, මොකක් හරි පොඩි අවශ්‍යතාවයකට කැම්පස් එකට ආපු කෙනෙක් වගේ තමයි පෙනුණේ – අපේ බැචෙකුගෙ හරි ජුන්නෙකුගෙ හරි තාත්ත කෙනෙක්වත්ද? අපි අතර වචන කීපයයි හුවමාරු වුණේ,

“Mind if I sit here?”

“Sure, no problem.”

මම ඒ මනුස්සයා දිහා නොබල මගේ වැඩේ කරගත්තා, ඒ මනුස්සයා බීම එක බීල යන්න ගියා. ඊට පස්සෙ තමයි සින්නෙක් කිට්ටු කලේ මා ගාවට.

“මල්ලි උඹ දන්නවද අර බීම එක බීල ගිය මනුස්සය කවුද කියල?”

“නෑ, මොකක්ද special?”

“යකෝ ඒ ඇමරිකාවෙ යුනි එකක ප්‍රොෆෙසර් කෙනෙක්. සති දෙකකට ලංකාවට ඇවිත් මෙහේ ලෙක්චර්ස් වලට. හිතන්න පුළුවන්ද දැක්කම?”

පොඩි වෙලාවකට තුෂ්ණිම්භූත වුණු මම, යටිහිතින් කල්පනා කළා… “හොඳ වෙලාවට මගේ හැසිරීමෙන් වරදක් වුණේ නැහැ”. ඒ මනුස්සයගෙ ආචාරශීලී ගතියෙන්වත් මට යමක් නොදැනුණු හැටි!


මේ පුංචි කතාව මට මතක් වුණේ මෑතකදි මම ගැන වැඩිහිටි දෙපාර්ශ්වයක් අතර වෙච්ච පුංචි කතා බහක් මට ආරංචි වුණු නිසා.

“ඒ ළමය සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්”

“වෙන්න බෑ බලන්නකො තට්ටෙයි රැවුලෙයි හැටි තම්බියෙක් වගේ.”

“ඒ ළමයට කාර් එකක්වත් නැහැනෙ.”

වේලිච්ච ඉරටු නවන්න බැරිව ඇති. හැබැයි “ටිපිකල් ශ්‍රී ලංකන්” පටු සිතිවිලි වලින් අපිවත් මිදෙමු.

Advertisements

Java assignment එක

ලංකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂක (undergraduate) මිත්‍රයෙක් දවසක් Java සම්බන්ධ assignment එකක් කරගන්න බැරුව මගෙන් උදව් ඉල්ලුවා. පරිගණක විද්‍යාව හදාරපු ඕනම කෙනෙක් දන්නවා sorting algorithms ගැන. මේකත් අන්න එහෙම sorting algorithm එකක්. ඒකෙ එක තැනකදි මම enhanced for loop පාවිච්චි කරලා array එකක් iterate කරන හැටිත් කියල දුන්නා. ඒ කිව්වෙ මෙන්න මෙන්න මේ වගේ එකක්,

// x is an array
for (char y : x) {
// do something
}

මේකට මගේ මිත්‍රයා එච්චරම සතුටු මූණක් පෙන්නුවෙ නැහැ.

“ඇයි අවුල?”

“අපට උගන්නල තියෙන්නෙ ඔය විදිය නෙමේ. length එක අරගෙන i=0;i<length;i++ විදියට තමයි අපි කරන්න ඕන“

“ඒක මාර කෙළියක්නෙ. මෙතන වැදගත් sorting algorithm එක නේද?“

“ඔව් ඒක හරි ඒත් උගන්නපු නැති විදිහකට කරොත් අපේ ඩිමෝල ලකුණු දෙන්නෑ“

“හෑහ්!! :O“

විශ්වවිද්‍යාලයක සිද්ධ වෙන්න ඕනෙ තමන් දන්නෙ නැති විෂය කරුණක් තව කෙනෙක් හොයාගත්තොත් ඒ ගැන සාකච්ඡා කරල භේදයකින් තොරව හැමෝම ඉගෙනගන්න එක නේද? විශේෂයෙන්ම  පරිගණක ක්‍රමලේඛණය ආශ්‍රිත දේවල් බොහොම වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් වනපොත් කරන ක්‍රමය කොහොමටත්ම ගැළපෙන්නෙ නෑ.

ගුරුවරයා කියන දේ පරම සත්‍යය කියල හිතාගෙන වනපොත් කළේ ඕලෙවල් කරන කාලෙ. ඒ වයසෙදි ඒ කරපු දේ හරි. නමුත් දැනුත් එහෙම කළ යුතුද?