අප්‍රේල් 30 වෙනිදා ගල්කිස්සේ බීච් පාටියේදී, පිළිස්සූ කුකුළු මස් ආහාරයට ගත් ශාකුන්තල තෙමේ, එයින් ඇති වූ බලවත් අජීර්ණ තත්වය හේතුවෙන් පසු දින එලොව යන්නට ඔන්න මෙන්න තිබී යන්තම් සුවය ලැබූ වගයි෴
අයේමත් බාබකිව් කන්නෙ නෑ නෑ නෑ… නෑමයි….!!!!!!!!!! 😦
අප්‍රේල් 30 වෙනිදා ගල්කිස්සේ බීච් පාටියේදී, පිළිස්සූ කුකුළු මස් ආහාරයට ගත් ශාකුන්තල තෙමේ, එයින් ඇති වූ බලවත් අජීර්ණ තත්වය හේතුවෙන් පසු දින එලොව යන්නට ඔන්න මෙන්න තිබී යන්තම් සුවය ලැබූ වගයි෴
අයේමත් බාබකිව් කන්නෙ නෑ නෑ නෑ… නෑමයි….!!!!!!!!!! 😦
Yeah! The heavy burden gone away again… once again, an end of an exam!
Today is a very nice day. After a long long time, we played cricket at University playground. Then we were walking around Colombo for more than 4 hours! And oh yeah we together had a very nice time. Photos are coming soon on Facebook! 😉
—- Sent using a Sony Ericsson mobile phone
ඉදිරි දින කිහිපයේ යෙදී තිබෙන “එක්සැමිනේෂන්” නැමැති භයානක අපලයට මුහුණදීමට මටද සිදු ව ඇති බැවින්, අද දින සිට එළඹෙන අගෝස්තු 3 වැනි දා දක්වා කාල සීමාව තුළ දී බ්ලොග්කරණය හා අන්තර්ජාලයේ නටන වෙනත් සියළු නාඩගම් වලින් වැළකී සිටින්නට සිදු ව ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි
😦 😦 😦
ටිකට් නොදුන්නත් මගේ හොඳකම නිසා (බලෙන්) බස් ගාස්තු ගෙවීමට ගොස් මාරු නැතැයි කියා කොන්දා ඉතුරු නොදී ෂේප් වීම නිසා ඇති වූ කණස්සල්ල හේතුවෙන් මින් මතු 138 බස් මාර්ගයේ ධාවනය වෙන පුද්ගලික බස් රථ වල ඉබ්බා ගැසීම දැන දැන ම වුවමනාවෙන්ම සිදු කරන බව දන්වා සිටිමි෴ 😀
බොහොම ශෝකජනක පණිවුඩයක්… ශාකුන්තල කොණ්ඩෙ කපලා! 😦
අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සෙ වවපු කොණ්ඩෙ පහුගිය සෙනසුරාදා කපල දැම්මා. කොණ්ඩෙ කපල ඒකෙ දුක යන්නත් එක්ක මූණුපොතේ දැම්ම මෙන්න මෙහෙම:
මගේ කොණ්ඩේ ගැන කාට කාටත් තියෙන්නෙ මාර අවුලක්… සක්කරයා තියා වයිමා කිව්වත් මේක නං කපන්නේම නැත.
පොඩි ආතල් එකක් ගන්න කාටවත් හානියක් නැති බොරුවක් ඉඳහිට කිව්වට අවුලක් නැහැනේ… 😉 මරු comments නම් ආවා… ඒත් දැන් කොණ්ඩෙ කපල ඉවරයිනෙ. 😦
කොණ්ඩෙ දිගට තිබුණු කාලේ මරු මරු ආතල් සීන් ගොඩක් වුණා 😀 . ඉඩ ඇති පරිදි ඒවා ලියන්නම්. දැනට මගේ කොණ්ඩය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් ලියලා යන්න ඔය පහළ තියෙන කොටුවේ…..! 😀
Yesterday evening I and one of my friends were testing a software project. It is a web application and he has tested it with XAMPP on Winows. He wanted to try it out on Apache/ Linux too. So he came to me (I’m a one of famous Linux-only guy around the campus 😉 ) and asked me to help.
I have a dual boot system with both Fedora 11 and Ubuntu 9.04 installed. First I put everything in LAMPP (on Ubuntu) and tested.
Yes, we’ve found some bugs with character case issues plus one fatal error with the TCPDF module when generating PDFs. The problem was with memory allocation and as the browser showed it was an error in tcpdf/unicode_data.php
.
Then I put everything in Apache which came by default with Fedora DVD, and tested. Viola! The PDF generation problem was not there!!
I’m still wandering how it could be… same Apache-PHP-MySQL.
Anybody have an idea of what’s the problem here?
These days I’m preparing to switch to Linux. I’m gonna reformat my hard drive in ext-4. So I have to backup all my files.. but ohh shit! Useless videos everywhere — eaten REALLY a LOT of disk space! Now I’m looking for each of them and removing unnecessary. Today, I earned ten gigabytes of free space with that and going on.
What has happened is, in my childish days, I’ve been collecting funny videos. But, those videos are no longer gonna be funny 😀 . All look like too childish and too foolish. Anyway, wich my good luck with my ‘swiching to linux’ stuff!
සුපුරුදු පරිදි හවස පහයි කාලට මම රීඩ් මාවතට ආවෙ කැම්පස් එකේ වැඩ කටයුතු ඉවර වෙලා ගෙදර යන්න. කැම්පස් එක ඉස්සරහම තියෙන පදික මාරුවෙන් පුරුදු පරිදිම පාර හරහා මාරු වුණා. සමහර තකතීරු ඩ්රැයිවර්ලා එහෙම ඉන්නව නෙව… රතු එලිය නිවිලා කොළ එළිය පත්තු වෙනකම් ඉන්න බෑ… මාර හදිස්සියක් තියෙන්නෙ… මං හිතන්නෙ උන්ට මූලග්ගාය වෙන්ට ඇති. ඉතින් පාරෙ වාහන වලට රතු එළිය පත්තු වෙලා තියෙදිදි මමත් පාර මැද්දට පැන්නෙ ඉක්මනට පාර හරහා මාරු වෙන්න. මෙන්න එකපාරටම මගේ ඉස්සරහට ආපි කාර් එකක් 😯 ! හරියටම මට අඩියක් දුරින් ඌ කොහොම හරි නවත්තගත්තා — හැබැයි කහ ඉර මැද්දෙ. නැත්තං ඉතිං සොරිම තමා!
මැද ඇඟිල්ල උස්සලා ඌ ගැන මට හිතිච්ච දේ සංඥා මාර්ගයෙන් ඌට කියා දෙන්න නොහිතුනාමත් නෙමෙයි — සංවරව හැසිරෙන්න ඕනැ නෙව පාර මැද්දෙ. බලනකොට මේකා තට්ටෙ පෑදිච්ච අංකලයෙක්. ඒ මදිවට බෙල්ල හිර කරලා බැඳපු ටයි පටියකුත් තිබුණා. මට කමක් නෑ මොකා වුණත්. ලංකාවෙ වෙනින් කැම්පස් එකක් ඉදිරිපිට ලොකු කලබලයක් ඇති වෙන්න මේ ටිකත් ප්‍රමාණවත්. අපේ තියෙන හොඳ කම නිසාම හොඳා ඉතින්… 😉
කොහොම වුණත් අද නම් උපරිමව මගේ කෝපය ඇවිස්සුණා 👿 … එවෙලෙ හිතාගත්තෙ වාහනේ අංකයත් එක්කම බ්ලොග් එකේ දානව කියල 😐 !
කොහොම වුණත් ප්‍රවේශම් වීම රියදුරු-පදික දෙපාර්ශ්වයේම ඇඟට ගුණයි.
අවුරුදු නිවාඩුව ඉවරයි. අධ්‍යාපන කටයුතු තකා මම ආයෙම කොඹළ ආවා. 😀
ගෙදර රස කෑම කාල මහත් වෙලා මං..
ආයෙම කොළඹ කඩවල් වල පිළුණු කෑම කාල කෙට්ටු වෙන්නයි යන්නේ…
මොනා කරන්නද? දුක තමා මේ අවුරුදු තුනට…. 😦