Java assignment එක

ලංකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂක (undergraduate) මිත්‍රයෙක් දවසක් Java සම්බන්ධ assignment එකක් කරගන්න බැරුව මගෙන් උදව් ඉල්ලුවා. පරිගණක විද්‍යාව හදාරපු ඕනම කෙනෙක් දන්නවා sorting algorithms ගැන. මේකත් අන්න එහෙම sorting algorithm එකක්. ඒකෙ එක තැනකදි මම enhanced for loop පාවිච්චි කරලා array එකක් iterate කරන හැටිත් කියල දුන්නා. ඒ කිව්වෙ මෙන්න මෙන්න මේ වගේ එකක්,

// x is an array
for (char y : x) {
// do something
}

මේකට මගේ මිත්‍රයා එච්චරම සතුටු මූණක් පෙන්නුවෙ නැහැ.

“ඇයි අවුල?”

“අපට උගන්නල තියෙන්නෙ ඔය විදිය නෙමේ. length එක අරගෙන i=0;i<length;i++ විදියට තමයි අපි කරන්න ඕන“

“ඒක මාර කෙළියක්නෙ. මෙතන වැදගත් sorting algorithm එක නේද?“

“ඔව් ඒක හරි ඒත් උගන්නපු නැති විදිහකට කරොත් අපේ ඩිමෝල ලකුණු දෙන්නෑ“

“හෑහ්!! :O“

විශ්වවිද්‍යාලයක සිද්ධ වෙන්න ඕනෙ තමන් දන්නෙ නැති විෂය කරුණක් තව කෙනෙක් හොයාගත්තොත් ඒ ගැන සාකච්ඡා කරල භේදයකින් තොරව හැමෝම ඉගෙනගන්න එක නේද? විශේෂයෙන්ම  පරිගණක ක්‍රමලේඛණය ආශ්‍රිත දේවල් බොහොම වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් වනපොත් කරන ක්‍රමය කොහොමටත්ම ගැළපෙන්නෙ නෑ.

ගුරුවරයා කියන දේ පරම සත්‍යය කියල හිතාගෙන වනපොත් කළේ ඕලෙවල් කරන කාලෙ. ඒ වයසෙදි ඒ කරපු දේ හරි. නමුත් දැනුත් එහෙම කළ යුතුද?

Advertisements

2 thoughts on “Java assignment එක

  1. කටපාඩම් මානසිකත්වය තියෙන ඔය හැමතැනකම ඔහොම තමයි…
    ලංකාවට හෙනේ වෙලා තියෙන්නේ ඒකනේ….

  2. Malitha says:

    එකයි Google වුනත් ලංකාවේ Google summer Code එකෙන් එවුන්ව බඳවා ගන්නේ නැත්තේ.
    උන් දන්නවා අපේ එවුන් මහා උද්දච්ච එවුන් කියලා.
    වැඩක් කරන්න වැඩ්ඩේක් මිසක් මැට්ටෙක් ගන්නේ නැහැ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s